කොරෝනා මෘතදේහ වලලන්නේ දූපතක..

Covid-19
By Thaya Mar 01, 2021 06:08 PM GMT
Report

කොවිඞ් 19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය සඳහා රජය අවසර දීමත් සමග එම මළ සිරුරු භූමදාන කටයුතු කිරීමට සුදුසු ජනශූන්‍ය දූපතක් භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත. ඊට අදාළ දූපතක්‌ හඳුනාගැනීමට මේවනවිට අමාත්‍යාංශය කටයුතු කරන බව එහි ප‍්‍රකාශකයෙක් පැවසීය. එහිදී සිරුරු භූමදානය කරන වළ පොළවේ ජලමට්ටමට වඩා ඉහළින් තිබිය යුතු බවත් සිරුරු භූමදානයට පෙර ඒවා හොඳින් විෂබීජ හරණයට ලක්කළ යුතු බවත් මෙම මරණ සම්බන්ධව නිර්දේශ කර ඇති සෞඛ්‍ය උපදෙස්හි සඳහන් කර ඇතැයිද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.