ටියුෂන් සිසුවෙකුට කොරෝනා.. වසා දමයි..

Covid-19 Education
By Thaya Feb 17, 2021 05:01 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් 19 වෛරසය අසාදනය වු පාසල් සිසුවෙකු සහභාගි වු බාහිර පන්තියක් වසා දමා එම බාහිර පන්තියට සහභාගි වි සිටි සිසු සිසුවියන් 11 දෙනෙකු සහ එම බාහිර පන්තිය පවත්වාගෙන ගිය ගුරුවරිය ස්වයං නිරෝධානයට යොමු කර බාහිර පන්තිය වසා දැමිමට බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක පි.වරදරාජන් මහතා (16) දින කටයුතු කලහ.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් දමිල මහා විද්‍යාලයේ 9 බි වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවය (16) දින ලද පි.සි.ආර් පරක්ෂණ වාර්තා අනුව තහවුරු වු නිසා අසාදිත සිසුවා බගවන්තලාව මොරා වත්තේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය දක්වා යොමු කර එම අසාදිත සිසුවාගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කල බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිත සිසුවාගේ පාසලේ ළගම ආශ්‍රිතයන් සහ ගුරුවරුන්ද ස්වයං නිරෝධානයට යොමු කල බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

ReeCha