එක් ප්‍රදේශයක 62කට කොරෝනා.. වසා දමයි

Corona
By Thaya Jan 02, 2021 06:37 PM GMT
Thaya

Thaya

Report

වටවල ප්‍රදේශයෙන් (31) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 13 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව හමු වු බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක එස්.කාමදේවන් මහතා පැවසිය.

වටවල සංචරණ සිමා පනවා ඇති මවුන්ජින් වතුයායෙන් 03 , අගරවත්තෙන් 08 , කැරොලිනා තේ වත්තෙන් 02 වශයෙන් අසාදිතයන් හමු වි ඇති බවයි කාමදේවන් මහතා කියා සිටියේ.

වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ (31) දිනද කොවිඩ් 19 වෛරසය අසාදනය වු සේවිකාවන් සිව් දෙනෙකු හමුවිමත් සමග එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය අසාදනය අසාදිතයන් 62 දක්වා ඉහල ගොස් ඇති බවත් ,එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ 600 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කර ඇගළුම් කර්මාන්ත ශාලාව තවදුරටත් වසා දමා ඇති බවයි පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

(31) දින හමු වු කොවිඩ් 19 වෛරසය අසාදිත 13 දෙනා අතර වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් සිව්දෙනාගේ ආශ්‍රිතයන් සිව්දෙනෙකු සිටින බවත් , සෙසු අසාදිතයන් බස්නාහිර පලාතේ සිට වටවල ප්‍රදේශයට පැමිණි අය බවයි කාමදේවන් මහතා කියා සිටියේ.