ඕනෑම තැනක කොරෝනා ආසාදිතයෙක් සිටිය හැකියි.. රට පුරාම ආශ්‍රිතයන්..- සෞඛ්‍ය අංශ දැඩිව දැනුම් දේ..

Corona
By Thaya Jan 07, 2021 10:20 PM GMT
Report

අද වන විට මෙරට ඕනෑම ස්ථානයක කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් සිටීමේ සම්භාවිතාවක් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

දැනට හමුවන රෝගීන්ගේ ආශ්‍රිතයන් සුළු වශයෙන් හෝ දිවයින පුරාම සිට ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ තත්ත්වය මත උපරිම ලෙස සෞඛ්‍ය පුරුදු වලට අනුගත වී කටයුතු කරන්නේද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.