ලාංකිකයන්ට සුබ ආරංචියක් - ඔබත් මේ බලපෑමට ලක්වුවානම් රජයෙන් රුපියල් බිලියන 71.7ක සහන පැකේජයක්
මැදපෙරදිග යුද බලපෑමට රුපියල් බිලියන 71.7ක සහන පැකේජයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය මැදපෙරදිග යුදමය තත්ත්වයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා වෙන් කරන ලද රුපියල් බිලියන 71.7ක සහන පැකේජයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති මෙම කාරක සභා රැස්වීමේදී, ආර්ථික අපහසුතාවලට මුහුණදුන් විවිධ අංශ සඳහා මුදල් වෙන්කිරීම් සහ භාවිතයන් පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
මෙහිදී රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය එනම් රුපියල් බිලියන 52.8ක් ඛනිජ තෙල් අංශය වෙනුවෙන් වෙන් කර ඇත.
එමෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ සහ ධීවර සහනාධාර හේතුවෙන් අඩු වූ වාර්ෂික අයවැය සංචිත නැවත පූරණය කිරීමට රුපියල් මිලියන 18.9ක් ද වෙන් කෙරිණි.
මෙම මුළු මුදලම පියවනු ලබන්නේ 'දිට්වා' වෙනුවෙන් වෙන් කෙරුණු රුපියල් බිලියන 500ක අතිරේක ඇස්තමේන්තුවේ භාවිත නොකළ ශේෂයෙනි. මෙම සහන පැකේජය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය සඳහා රුපියල් බිලියන 15ක් සහ 'අස්වැසුම' වැඩසටහන සඳහා රුපියල් බිලියන 8.2ක් වෙන් කර තිබේ.
ඊට අමතරව යල කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් බිලියන 3ක්, වැවිලිකරුවන් සඳහා රුපියල් බිලියන 2.2ක් සහ ධීවර කර්මාන්තය සඳහා රුපියල් බිලියන 1.2ක් ද අනුමත වී ඇත.
මෙහිදී අදහස් දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ 'දිට්වා' කුණාටුවෙන් හානි වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සහ රඹුක්කන පිවිසුම්වල වැඩකටයුතු ඉදිරි මාස තුන ඇතුළත ආරම්භ කර 2028 වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.
තවද 'එල්නිනෝ' තත්ත්වයට මුහුණදීම සඳහා ආපදා කළමනාකරණ ව්‍යවස්ථාපිත අරමුදල බලගැන්වීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.