ලොරි රථ රියදුරුට පහරදුන් කොස්තාපල් රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
Police
By Thaya
පන්නිපිටියේදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා අප්‍රේල් 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඊයේ මෙම ක්‍රියාව සිදුකළ පොලිස් කොස්තාපල්වරයා අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා. සමාජ මාධ්‍යවල පුළුල් විවේචන එල්ල වීමෙන් පසු පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.
රථවාහන රාජකාරියේ යෙදී ඇතැයි උපකල්පනය කරන පොලිස් නිලධාරියා පාර මැදදී පුද්ගලයෙකුට පහර දෙන බව වීඩියෝවේ දැක්වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මහරගම පොලිසියේ රථවාහන ස්ථානාධිපතිවරයාව ලොරි රථයක් හප්පාගෙන යෑමෙන් මෙම සිදුවීම සිදුව ඇති බවයි.