සීගිරියේ ඇතිවූ ගැටුම

Sigiriya
By Thaya Mar 29, 2021 07:11 PM GMT
Thaya

Thaya

Report

සීගිරිය සිංහපාදය ඔස්සේ අද (28) අලුයම 4.00ට පමණ ඉහළට පිවිසීමට පැමිණි මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතිය භාර නිලධාරීයා සහ තවත් නාඳුනන පුද්ගලයෙකු නැවැත්වීමට උත්සහ කිරීමේදී අදාළ නිලධාරියා තමන්ට පහරදුන් බවට ආරක්ෂක නිලධාරීන් 3 දෙනෙක් සීගිරිය පොලීසියට පැමිණිළිකර තිබේ.

එහිදී තුවාල ලැබූ එක් නිලධාරියෙක් සීගිරිය ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, අදාළ ආරක්ෂක නිලධාරීන් තිදෙනා තමන්ට පහරදුන් බවට ව්‍යාපෘතිය භාර නිලධාරීයා ද පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම ලැබී ඇති පැමිණිලි අනුව ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.