කඩා වැටුණු බස් කර්මාන්තය නගා සිටුවීමට සහණ ණය .

Loans
By Thaya Apr 07, 2021 09:26 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටුණු පෞද්ගලික බස් රථ කර්මාන්තය යළි නගා සිටුවීම සදහා රුපියල් තුන්ලක්ෂ පනස්දහසක ණය මුදලක් බස් හිමියන් සදහා ලබා දීමට පියවර ගත්බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. කෙළඹ ,කළුතර ,ගම්පහ යන දිස්ත්‍රික් තුනෙහි ධාවනයවන පෞද්ගලික බස්රථ 7200 ක් තිබෙන අතර එම ණය මුදල ඉල්ලු සියළුම දෙනාට ලබාදීමට කටයුතු කරන බවද බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසයි.

සභාපතිවරයා එසේ පැවසුවේ පසුගියදා බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේදී සහන ණය මුදල ඉල්ලුම් කළ පෞද්ගලික බස්රථ හිමියන් සදහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න ,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ, ,ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි ගංගා වීරක්කොඩි ,සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා යන මහත්වරු න්ගේ ප්‍රධානත්වයෙන් නිලවශයෙන් ලබා දුන් අවස්ථාවේදීය. මෙහිදී අදහස් දැක්වු ප්‍රසන්න සංජීව මහතා, බස්රථ නඩත්තුව සදහා රුපියල් ලක්ෂ තුනක මුදලක්ද ,පෙරගෙවුම් කාඩ් පත සදහා රුපියල් පනස්දහසක්ද සහන ණය මුදලක් වශයෙන් ලබාදෙනු ඇත.මෙම ණය මුදල වසර තුනකින් ගෙවා නිම කිරීමට නියමිත වන අතර මහජන බැංකුව හා ලංකා බැංකුව යන රාජ්‍ය බැංකු මගින් ලබාදීමට පිවයර ගෙන තිබ‍ෙන බවද වැඩි දුරටත් පැවසුවේය..