ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් ප්‍රජා සත්කාරක වැඩ සටහනක් .

Sri Lanka Community
By Thaya Jan 19, 2021 04:57 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් මහරගම සී.සී.සී. හෝම් හි ප්‍රතිකාර ලබන අය සඳහා සහ මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවේ ප්‍රතිකාර ලබන දරුවන් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සමගින් දිවා භෝජන සංග්‍රහයක් පසුගියදා පිරිනමන ලදී.

මහරගම සී.සී.සී. හෝම් යනු පිළිකා රෝගීන්ගේ නේවාසික නිවහනක් වන අතර ග්‍රාමීය නිවෙස් වල සිට මෙන්ම දුර බැහැර ප්‍රදේශවලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අය සඳහා නවාතැන් පහසුකම් සලසා දෙන නිවහනකි.

මහරගම පිළිකා ආයතන පරිශ්‍රය තුළ පිහිටා ඇති මෙම නවාතැන මගින් රෝගීන්ට පහසුවෙන් ප්‍රතිකාර ලබා ගත හැකිය.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් මෙම පරිත්‍යාග ලබාදුන් අතර ඔවුන්ට ලබාදුන් අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු පාර්සල් වල කිරිපිටි , තේ කොළ, සමපෝෂ , රෙදි සෝදන කුඩු, දත් බුරුසු, දුඹුරු සීනි, මාරි බිස්කට්, බේබි ක්‍රීම්, බේබි සබන්, දන්තාලේප වැනි දෑ අඩංගු විය.

මෙදින ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් මෙම භාණ්ඩ අඩංගු ඇසුරුම් 343 ක් පරිත්‍යාග කරන ලදී.

ශ්‍රීලංකන් කෙයාර්ස් යනු ආරම්භයේ සිටම, ශ්‍රී ලංකාව පුරා දරු දැරියන් සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් නඟා සිටුවීම මෙන්ම ඔවුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් වැඩසටහන් රාශියක් සිදු කරන අංශයකි.

GalleryGallery