බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පොදු පහසුකම් රැසක්

Transport
By Thaya Jan 02, 2021 06:25 AM GMT
Thaya

Thaya

Report

මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානය තුළ මගී ප්‍රවාහන සේවා සපයන්නන් වෙනුවෙන්පොදු පහසුකම් රැසක් ලබා දීමට ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මහතා ඊයේ පියවර ගෙන තිබිණ.

ඒ අනුව බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයේ අලුතින් ඉදිකළ ඉදිකළ වාහන නැවැත්වීම සදාහ පහසුකම්ද, බස්රථ සෝදා ගැනීම සඳහා අවශ්‍ය ජල නල පහසුකම් ,නවීන වැසිකිළි කැසිකිළි පහසුකම් ,විවේකාගාර ,නාන කාමර ,විද්‍යුත් දැන්වීම් පුවරු ,හා සන්නිවේදන ආදී පහසුකම් රැසක් මගී ප්‍රවාහන සේවා සපයන අයවලුන් හට ලබාදීමට පියවර ගෙන තිබේ.

මේ තුළින් මගී ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය හා කාර්යක්ෂම භාවය ඉහළ නැංවීම අපේක්ෂා කෙරෙනු ඇතැයිද ගාමිණී ලොකුගේ මහතා වැඩි දුරටත් පැවසුවේය. .

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග ,දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු ,මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකරු නාලක දිසානායක ,යන මහත්වරුන් ද ,ආරක්ෂක අංශ ප්‍රධානීන් හා මගී ප්‍රවාහන සේවා සපයන සේවක මහත්ම මහත්මීන් ද සහභාගි වූහ.

GalleryGallery