මහින්ද-ගෝඨාභය බලයට ගෙන ඒමට කැපවීම වරදක් නම් ඊට සමාව ගන්න සූදානම්..- පොහොට්ටුවට විමල් ප‍්‍රතිචාර දක්වයි..

Gotabhaya Rajapakse
By Thaya Feb 09, 2021 10:05 PM GMT
Thaya

Thaya

Report

2015 දී සිදු වූ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා කැපවීම වරදක් නම් ඒ සඳහා සමාව ගැනීමට තමන් සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීමක් තමන් අදහස් නොකළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දීම කළ යුතු බව පමණක් තමන් පැවසූ බවද ඔහු පැවසීය.

එක් පක්‍ෂයක් ගැන අදහස් පල කිරීම තවත් පක්‍ෂයක් සිදු කිරීම දේශපාලනයේදී සාමාන්‍ය බවත් එය ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් නොවන බවද ඔහු කියා සිටියේය.

අද මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.