මානව හිමිකම් උල්ලංඝනයවීම් සොයාබලන කොමිෂන් සභාවට කොමසාරිස්වරියක්....!!!

Police
By Thaya Feb 14, 2021 04:42 PM GMT
Report

මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහා කොමසාරිස්වරියක් පත් කිරීමට ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පියවරගෙන තිබේ. යෝගේෂ්වරි පත්ගුණරාජා මහත්මිය එම කොමිසමේ කොමසාරිස්වරියක ලෙස පත් කිරීමට පියවරගෙන ඇති අතර ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (12) නිකුත්කර තිබුණි.

මෙරට සිදුවී ඇතැයි කියනුලබන මානව හිමිකම් උල්ලංඝනයවීම් පිළිබඳ සොයාබලා එකී කරුණු පිළිබඳව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීමට ජනාධිපතිවරයා විසින් ජනවාරි මස 20වන දින සිට ක්‍රියාත්මක වනපරිදි ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. නවාස් මහතාගේ සභාපතීත්වයෙන් යුතු කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරුන් පත්කර තිබුණි.