කොළඹ ජල කප්පාදුව.

Colombo Water
By Thaya Mar 21, 2021 06:41 PM GMT
Thaya

Thaya

Report

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (21) කොළඹ ප්‍රදේශ රැසක පැය 15ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අද උදෑසන 9.00 සිට පැය 15ක් එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව කොළඹ 01, 03, 09 සහ14 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. මීට අමතරව කොළඹ 02, 07, 08 සහ 10 ප්‍රදේශවලට එම කාලය තුළ ජලය සැපයීම අඩු පීඩනයකින් යටතේ සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදරටත් සඳහන් කළේය.