කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින දරුණු ලෙස කඩා වැටෙයි

Colombo Stock
By Thaya Feb 10, 2021 06:29 PM GMT
Thaya

Thaya

Report

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (10) දිනයේ දී දරුණු කඩාවැටීමකට ලක්විය. මෙහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒ්කක 231.34 කින් දැවැන්ත ලෙස පහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 2.90% ක පහළ යාමක්. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒ්කක 7,732.43 ක් ලෙසින් වාර්තා විය. කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය 2021 ජනවාරි 27 දින වාර්තා වූ අතර එදින ඒ්කක 8,812.01 ක් ලෙසින් සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණා. මේ අනුව පසුගිය සති දෙකක කාලපරිච්ඡේදය තුළ දී ඒ්කක 1,000 කට වඩා වැඩි ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබෙනවා. අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 5.12 ක්.