කොරෝනා වලින් කොළඹ නවදිල්ලියක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්.
Covid
India
Corona
Colombo
Sri lanka
By Aruna
අවුරුදු සමය නිමා වීමෙන් පසුව රට තුළ බොහෝ ප්‍රදේශවල කොරෝනා උප පොකුරු මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම උප පොකුරු පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී ගියහොත් කොළඹ නගරයද නවදිල්ලිය මෙන් අවදානම් තත්ත්වයට පත්විය හැකි බව ද ඔවුන් අනතුරු අඟවයි.
මේ වන විට උප පොකුරු මතුව ඇත්තේ කොළඹ ගම්පහ කුරුණෑගල ත්‍රිකුණාමලය සහ යාපනය යන ප්‍රදේශවලනි.
ආසාදිතයන් හඳුනාගැනීම සඳහා රජය විසින් සිදුකරන පරීක්ෂණ ද මේ වන විට ඉහළ දමා තිබේ.
ආසාදිතයන් වැඩි ප‍්‍රදේශ හුදෙකලා කිරිමටද රජය කටයුතු කරමින් ඇත.