2021 පොල් වගාකරුවන්ට සහන රැසක්

sri lanka economy Coconut
By Sithumi Apr 30, 2021 04:25 PM GMT
Sithumi

Sithumi

Report

පොල් වගාවේ අභිවෘද්ධිය උදෙසා 2021 වර්ෂයේදි පොල් වගාකරුවන් වෙත සහන රැසක් සැලසීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ. සහන ලබා ගැනිම සඳහා 2021 පෙබරවාරි මස 01 වැනිදා සිට 2021නොවැම්බර් 30 වැනිදා දක්වා කාල සීමාව තුළ ඉල්ලුම් කළ හැක. ඉල්ලුම් කිරීම  සම්බන්ධයෙන් අවශ්‍ය වැඩි විස්තර පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල මගින් හෝ ප්‍රදේශයේ   පොල් සංවර්ධන නිළධාරීන් මගින් ලබාගත හැකිය.   ක්‍රමවත් වගාව යටතේ සහන මිලට පොල් පැළ ලබාදීම හා පොල් පැළනඩත්තු කිරීම සඳහා සහනාධාර ලබාගත හැක. එහිදි නව වගාව/නැවතවගාව/යටි වගාව යටතේ හා පාළු පැළ සිටුවීම,තේ සමඟ මිශ්‍ර වගාවැඩසටහන් සඳහා සහනාධාර හිමිවේ.ගෙවතු වගා වැඩසටහන යටතේපොල් පැළ 01 සිට 15 දක්වා වු පැළ ප්‍රමාණයක් සහන මිල ගණන් යටතේ ලබා ගැනිමට හැකිය.   පැළ ආරක්ෂන සහනාධාර වැඩ සටහන යටතේ ක්ෂීරපායි සතුන්ගෙන් පොල් පැළ සඳහා හානි සිදුවන දිස්ත්‍රික්කවල වගාකරුවන්ට සුදුසු ආරක්ෂන යෙදිම සඳහා සහනාධාර ලබාගැනිමට ඉල්ලුම් කළ හැකිය. මයිටා හානි   කළමණාකරන ව්‍යාපෘතිය යටතේ විලෝපික මයිටා පැකට්  සඳහා රුපියල් 20 ක සහන මිලකට‍ ලබා දෙයි.   පොල් ඉඩම්වල ඵලදායිතාව වැඩි කිරීම සඳහා අතුරු බෝග වගාව ඉහල නැංවිමේ අරමුණින් අතුරු බෝග වගාව සඳහා සහනාධාරයක් ලබාගත හැකිය. B හෝ  C කාණ්ඩයේ වසර 10 කට වැඩි පුරන් කුඹුරක ස්ථිර බෝගයක් ලෙස පොල් වගා කිරීමට බලාපොරොත්තු වන වගාකරුවන් සඳහා සහනාධාරලබා දිමට කටුයුතු කෙරෙයි.   පොල් ඉඩම් පුනරුත්ථාපන සහනාධාර ක්‍රමය යටතේ නිර්දේශිත පැළ ඝනත්වය පවත්වා ගැනිම මෙන්ම පොහොර කවය නඩත්තුව ,පොල් ලෙලි වලවල් යෙදිම වැනි පාංශූ සංරක්ෂණ ක්‍රම යෙදිම සඳහා පොල් වගාකරුවන්ට සහනාධාර ලබා ගැනිමට හැකිය.   පොල් වගාවේ ජල සම්පාදනයට ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති ඉදිරි කිරිමටද මුල්‍ය සහන ලබා දිම‌ට පොල් වගාකිරීමේ මණ්ඩල කටයුතු කරයි.   



 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....    

Join now