විෂ පොල් තෙල් තොගයක් කොළඹින් ප්‍රතිඅපනයනය කරයි.

Sri lanka Coconet oil Colombo prot Malayasia
By Aruna May 07, 2021 03:45 AM GMT
Aruna

Aruna

Report

ප්‍රතිඅපනයනය කිරීම සඳහා කොළඹ වරායට රැගෙනවිත් ඇති පොල් තෙල් මෙට්‍රික්ටොන් 230ක් අද (07) දිනයේ මලයාසියාවට ප්‍රතිඅපනයනය කිරීමට නියමිතව තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ පොල් තෙල් බහාලුම් තොගය රැගෙන යෑමට පැමිණෙන නෞකාව අද පස්වරුවේ කොළඹ වරායට පැමිණීමට නියමිත බවය.

ඇෆලටොක්සීන් නමැති විෂ රසායනිකය අඩංගුවීම හේතුවෙන් මෙරටට ආනයනය කරන ලද පොල් තෙල් මෙට්‍රික්ටොන් 105ක් මීට පෙර ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව තවත් පොල් තෙල් බහාලුම් 12ක් අද දිනයේ ප්‍රතිඅපනයනය කිරීම සිදුවන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදන්ත සිල්වා මහතා සඳහන් කළේය.