රෙදි මුඛ ආවරණ බැහැ...වෛද්‍ය මුඛ ශ්‍රේණියේ ආවරණ අනිවාර්යයි

Masks
By Thaya Jan 24, 2021 03:00 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ්-19 වෛරසයේ නව සහ වඩා සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රභේදයන්ට මෙන්ම, ශීත සෘතුවේ ආසාදනවලට මුහුණ දෙමින් සිටින යුරෝපා රටවල් ගණනාවක් රෙදි මුඛ ආවරණ වෙනුවට, වෛද්‍ය ශ්‍රේණියේ මුඛ ආවරණ අනිවාර්ය කිරීම අරඹා තිබේ.

ඒ අනුව ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රියාව යන රටවලදී මේ ආකාරයෙන් වෛද්‍ය ශ්‍රේණියේ මුඛ ආවරණ සියලු පොදු ස්ථානවලදී පැලඳීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කර ඇත.

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් කියා සිටියේ, එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවල ප්‍රථම වරට අනාවරණය කරගත් නව කොරෝනා වෛරස ප්‍රභේදයන් ව්‍යාප්තිය පාලනය මෙම ක්‍රියාවලියේ ප්‍රමුඛතම අරමුණ බවයි. "මෙය බැරෑරුම් ලෙස සලකන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොවුවහොත් තුන්වැනි රැල්ලක් වැළැක්වීම දුෂ්කරයි" යනුවෙන් මර්කල් බර්ලිනයේ මාධ්‍යයට පැවසුවාය.