මහල් ගොඩනැගිල්ලෙන් බිමට වැටී තරණයෙකු මරුට.

Police
By Thaya Feb 14, 2021 04:43 PM GMT
Thaya

Thaya

Report

වැල්ලවත්ත අංක 17 හැම්ඩීන් පටුමග ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් ඊයේ (13) රාත්‍රී 7.40ට පමණ පුද්ගලයෙකු වැටී තිබේ.

අදාළ පුද්ගලයා එම ගොඩනැඟිල්ලේ සේවය කරන අයෙකු නොවන බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඔහුව කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවද පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

කොළඹ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ වැල්ලවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.