පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්...සිසුවෙකුට තියුණු ආයුධයකින් පහර දෙයි.

Fight
By Thaya Feb 18, 2021 07:48 PM GMT
Thaya

Thaya

Report

පන්නල ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් මේ වනවිට දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. ගැටුමෙන් එක් සිසුවෙකුගේ පාදයකට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර අනෙක් සිසුවා සුළු තුවාල ලබා ඇත. ඔවුන් 12වන හා 13වන ශ්‍රේණිවල ඉගනුම ලබන සිසුන් ය. පාසලට ජංගම දුරකතනයක් රැගෙන ඒමේ සිද්ධියක් ගැටුමට මුල්ව ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

ReeCha