ආතර් සී. ක්ලාක් ආයතනයට වසර 40 යි - විශේෂ සැමරුම්
නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයට වසර 40ක් සපිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධාන කර තිබේ.
අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාලාවේ සමාරම්භය පැවැත්විණි .
මෙහිදී විශේෂ දේශනයක් මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් පැස්කුවෙල් මහතා විසින් පවත්වා ඇත.
තවද විද්‍යාත්මක ඉදිරිපත් කිරීම් කිහිපයක් ද උත්සව මාලාවට ඇතුළත් වී තිබේ .
සැමරුම් වැඩසටහනේ සම්මාන හා සහතිකපත් ප්‍රදානයක් ද අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදුවිය .
ඒ වගේම විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවලට අදාළ ප්‍රදර්ශනයක් ද පැවැත්විණි.