සිවිල් ආරක්ෂක බළකායේ පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි...නිදහස් දිනයටත් ඇවිත්.

Covid-19
By Thaya Feb 15, 2021 06:37 PM GMT
Thaya

Thaya

Report

නිදහස් දින පෙළපාළියට පැමිණි සිවිල් ආරක්ෂකයා කොවිඩ් වැලඳී මරුට නිදහස් දින පෙළපාළියට විශේෂ රාජකාරි සඳහා පැමිණි සිවිල් ආරක්ෂක භටයකු කොවිඩ් වැලඳී අයි.ඩී.එච්. රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (13 වැනිදා) සවස මියගොස් ඇත. මෙය සිවිල් ආරක්ෂක බළකායේ පළමු කොවිඩ් මරණය මෙන්ම ඔහු පදිංචි සියඹලාණ්ඩුවෙන් වාර්තා වූ පළමු මරණයද වේ.

සියඹලාණ්ඩුව පහත අරාව ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. දිසාපාල නමැති සිවිල් ආරක්ෂක භටයකු මෙසේ මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. ඉකුත් බ්‍රහස්පතින්දා සර්පයකු දෂ්ට කළ බව පවසා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති ඔහු පසුව කළ පරීක්ෂණවලදී කොවිඩ් වැලඳී ඇති බව තහවුරු වී ඇත. අනතුරුව ඔහු කොළඹ අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා තිබේ.