තවත් පොලිස් ස්ථානයකින් කොවිඩ් ආසාදිතයින්

trinco police infections gampaha gomarankadavala
By Sewvandhi May 08, 2021 05:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී තිබේ. ඊයේ (07) දිනයේ සිදුකළ PCR පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව අදාළ නිලධාරීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බව වාර්තා වේ. මේ අතර ගම්පහ මහනගර සභාවේ කාර්යමණ්ඩල සාමාජිකයින් 4ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනීම හේතුවෙන් නගර සභාවේ කටයුතු අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සීමාකර තිබේ.

ගම්පහ මහනගර සභාවේ නගරාධිපති එරංග සේනානායක මහතා සඳහන් කළේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් නගර සභා පරිශ්‍රයට ඇතුළුවීමට අවසර ලබාදෙන බවය.

මේ අතර දින 10ක් ඇතුළත කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් 10,000ක් ලබාදීමට කටයුතු කරන බව ආර්ථික පුනර්ජීවනය සහ ධරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය පැවසීය.

  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now