කුරුදු දුම්වැටිය නීති විරෝධීයි.. ඉලක්කය දුම් නොබොන 84%ක ජනතාව පෙළඹවීම.. නීති ක‍්‍රියාමාර්ග ගන්නැයි දැනුම් දෙයි..

Smoking
By Thaya Mar 22, 2021 05:08 PM GMT
Report

කුරුදු දුම්වැටිය නිෂ්පාදනය කිරීමේ දී මෙරට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත උල්ලංඝනය කර ඇතැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ සඳහන් කරයි. මෙම කුරුදු දුම්වැටිය නිපදවමින් පසුපස දුම්කොළ කර්මාන්තය සිටින බවද ඔහු පෙන්වා දෙයි. කුරුඳු දුම්වැටිය භාවිතය සඳහා ඉලක්ක වී ඇත්තේ මෙරට දුම් පානය නොකරන 84%ක් වන කාන්තාවන් සහ පාසල් දරුවන් බව ද ඔහු පවසයි. මෙම කුරුදු දුම්වැටිය මගින් දුම්පානය නොකරන අයටද දුම්බීමට පෙළඹීමක් වක්‍රාකාරයෙන් සිදුකරන බවද ඔහු සඳහන් කළේය. එනිසා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ආයතනවලට දැනුම් දී ඇති බවත් එහි ප්‍රතිඵල අනුව මෙම දුම්වැටියට ගැන ඉදිරියේදී පියවර ගන්නා බවත් ඔහු කියා සිටියේය.