ලෝකයම බය කරමින් සෙළවුනු විශාල ගොඩනැගිල්ල (VIDEO)
china
SEG plaza
shaking
earth quick
By Sewvandhi
දකුණු චීනයේ පිහිටි ජනාකීර්ණ නගරයක් වන ෂෙන්සෙන් හී අඩි 984ක් (මීටර් 300ක්) උස නිවාස සංකීර්ණයක් සහ කාර්යාල පිහිටි දැවැන්ත ගොඩනැගිල්ලක් එක්වරම දෙදරුම් කමින් සෙලවී තිබෙනවා.
චීනය කිසිදු ආකාරයක භූමිකම්පා තත්ත්වයක් වාර්තා වී නොමැති නමුත්, බලධාරීන් විසින් ගොඩනැගිල්ලේ සිටි සියලු ජනතාවට වහාම ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර, මෙම ගොඩනැගිල්ල සෙලවෙන ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක්ම සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.
මෙම සෙලවීම කෙසේ සිදු වූවා දැයි මෙතෙක් අනාවරණය වී නැහැ. කෙසේ වෙතත් ලොව උසම ගොඩනැගිලි පහක් මේ වන විටත් පිහිටා ඇත්තේ චීනයේ යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |