චීනයේ ධනවත්ම මිනිසා… ජැක් මා අතුරුදහන්!

China
By Thaya Jan 06, 2021 04:42 PM GMT
Report

චීනයේ ධනවත් ම මිනිසා ලෙස වසර ගණනාවක් පෙරමුණ ගෙන සිටි අලිබාබා සමාගමේ නිර්මාතෘ ජැක් මා මාස දෙකක පමණ කාලයක සිට ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණු බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, Africa’s Business Heroes නැමැති ජැක් මාගේ නිර්මාතෘත්වයෙන් යුත් වැඩසටහනේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ඔහු එහි අවසන් තරගයේදීද පෙනී නොසිටි බවයි.

ඔහු ප්‍රසිද්ධියේ චීනයේ මූල්‍ය හා නියාමන පද්ධතියට චෝදනා කළ බවට ද මාධ්‍ය වාර්තා පළවී තිබුණා.

පසුව ඔහුට චීනයෙන් පිටව නොයන ලෙසට චීන රජය උපදෙස් දී තිබුණා.