ආබාධිත දරුවන් තිදෙනෙක් රැකබලා ගන්නා වයෝවෘධ පියෙක්

THELDHENIYA DISABILITIES CHILDREN KIRBATHTHALAVA WIFE DEAD
By Sewvandhi Apr 22, 2021 10:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මව්පියන් මහලුවියට පැමිණෙද්දි දරුවන් විසින් රැකබලා ගත යුතු වුවත් මව්පියන්ට දරුවන් බලා ගැනීමට සිදුවන අවස්ථා ද නැතුවාම නොවේ. සිය ආබාධිත දරු තිදෙනා රැකබලා ගන්නා එවන් පියෙකු පිළිබඳව අපට වාර්තා වන්නේ, තෙල්දෙණිය උඩිස්පත්තුව ප්‍රදේශයෙනි. තෙල්දෙණිය උඩිස්පත්තුව කිරිබත්තලාව ප්‍රදේශයේ ජීවත්වන ආර්.ඩී. කරුණාදාස මහතා තිදරු පියෙකි.

සිය බිරිඳගේ වියෝවෙන් පසු ඔහු සිය ආබාධිත දරු තිදෙනා සමග මෙලොව තනි විය. එතැන් පටන් එම ආබාධිත දරුවන්ගේ වගකීම වයෝවෘද්ධ පියාට පැවරුණි. වයස අවුරුදු 31, 33 සහ 40 යන වයස්වල පසුවුවත් එම ආබාධිත දරුවන්ට කතා කිරීමටවත් හැකියාවක් නැහැ. කිසිදු වැඩක් තනිව කර කියා ගැනීමට නොහැකි ඔවුන් තවමත් කුඩා දරුවන් මෙන් සිය ජීවිතය ගෙවමින් සිටී. ඒ නිසාම ඔවුන් රැක බලාගැනීමට මේ 68 හැවිරිදි පියාට සිදුව තිබේ.

කෙසේවෙතත් කරුණාදාස දණහිසේ ආබාධයකින් පෙළෙන අතර වම් ඇසේ පෙනීම ද දුර්වලය. ඔවුන්ට ඇති එකම ආදායම සමෘද්ධි දීමනාව සහ ආබාධිත දීමනාව පමණි. කටුමැටි නිවස වෙනුවට සමෘද්ධියෙන් නිවසක් තනා දී ඇතත් එහි පැත්තක් මේ අබලන් වී තිබේ. ඒ නිසා ඔවුන්ට යළි සිදුව ඇත්තේ කටු මැටි නිවස තුළ ජීවත්වීමටය. සිය දරුවන් වෙනුවෙන් අනේක වූ දුක් කම්කොටොලු දරා ගැනිමට කරුණාදාසට හැකියාව ඇතත් තමා මිය ගිය පසුව දරුවන්ට අත්වන ඉරණම ගැන ඔහුට ඇත්තේ විශාල පසුතැවීමකි.

“දවාලට ඉතින් කලාතුරකින් තමයි උයන්නේ. නැත්නම් රෑට තමයි උයන්නේ. මට කෑවට බිව්වට හිතට අල්ලන්නේ නෑ. හිතේ ගින්දරින් තමයි ඉන්නේ. හිතට වේදනාවනේ. මම ඉද්දි නම් කොහොම හරි කන්න බොන්න දෙයි. නැති දවසකට මොකක් වෙයිද කියලා හිතට වේදනයි. රජයෙන් හරි මේ ළමයි තුන්දෙනාට මම නැති දවසකට අනාථ නිවාසයකට හරි පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට හරි භාරදෙනවා නම්, කෙනෙක් නෑනේ සලකන්න කියන්න.“