48 හැවිරිදි කාමතුරයාට අසූ වු 10 හැවිරිදි දරුවා

police child harassment biyagama navagamuva vallampitiya
By Sewvandhi Apr 27, 2021 02:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

බියගම ප්‍රදේශයේ නිවසකින් පැහැරගෙන ගිය දස හැවිරිදි පිරිමි දරුවෙකු නවගමු ප්‍රදේශයේ නේවාසිකාගාරයක කාමරයක රඳවා තබා ගෙන සිටියදී බියගම පොලීසිය මගින් ඊයේ (26) අළුයම සොයාගෙන තිබෙනවා.

ඒ සමගම එම දරුවා පැහැරගෙන ගිය පුද්ගලයත් එම කාමරයේ සිටියදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.(25 වැනිදා) උදෑසන මව තම දරුවන් තිදෙනා නිවසේ සිටිය දී බියගම නිදහස් වෙළඳ කලාපයේ රැකියාවකට ගොස් සවස ආපසු නිවසට පැමිණ බලන විට දස හැවිරිදි පිරිමි දරුවා නිවසේ නොසිටි බව දැක පොලිසියට පැමිණිලි කර තිබේ.

එහි දී වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා මේ සම්බන්ධව විමර්ශනය කිරීමේ දී එම නිවසට යාබදව තිබෙන ඔවුන්ගේ ම නේවාසිකාගාරයේ කාමරයක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු ගැන ඇති වූ සැකයක් මත අවට පොලිස් ස්ථාන වලට ද ඒ බව දන්වා තිබුණා.

මේ අතර පුද්ගලයකු විසින් පොලිසිය හදිසි දුරකථන අංක 119 ට ඇමතුමක් මගින් නවගමුව ප්‍රදේශයේ කාමරයක පුද්ගලයෙකු දරුවකු රඳවාගෙන සිටින බවට දන්වා සිටීමත් සමග එම දරුවා සමග එම පුද්ගලයා මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණා.

කාමරය තුළදී එම පුද්ගලයා විසින් දරුවාට ලිංගික අතවර සිදුකර තිබෙන බවට ද හෙලිව තිබෙනවා. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි විවාහකයෙකු වන මෙම පුද්ගලයා බ්ලොග් ගල් වැඩපොලක රැකියාව කරන අතර ඔහු බියගම පේරගස් හන්දිය ප්‍රදේශයේ එම නේවාසිකාගාරයේ කාමරයට පැමිණ සති දෙකකට වඩා නැති බවටත් තොරතුරු ලැබී තිබෙනවා.

මෙම දරුවා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රාගම මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර එම පුද්ගලයා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

උපුටා ගැනීම-:දිවයින පුවත් පත

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi