ටී.වී. ස්ටෑන්ඩ් එකේ එල්ලුණු සිඟිත්තාගේ ඔලුව මතට රූපවාහිනිය කඩාවැටීමෙන් සිඟිත්තා මිය ගිහින්

Police
By Thaya Apr 06, 2021 05:44 PM GMT
Thaya

Thaya

Report

වයස අවුරුදු එක හමාරක කුඩා සිඟිති දරුවකුගේ හිස මත රූපවාහිනී යන්ත්‍රයක් වැටී මරමුවට පත් වීමේ ශෝකජනක පුවතක් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ පැවති සාක්ෂි විභාගයක දී අනාවරණය වුණා.මෙලෙස අවාසනාවන්ත අන්දමින් මිය ගොස් ඇත්තේ ජා-ඇළ පාරිස් පෙරේරා පාර 5 වැනි පටුමගේ පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ සිතුමි ආකෙල්යා නැමැති සිඟිති දියණිය යි.මේ සම්බන්ධ මරණ පරීක්ෂණය කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේශා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවැති අතර එහිදී සාක්ෂි දුන් මියගිය දැරියගේ මව වන මොහොමඩ් ඉක්බාල් ෆාතිමා කන්නා (33) යන අය මෙසේ පවසා සිටියා.

මියගොස් සිටින්නේ මගේ හතර වැනි දරුවන් 2021/3/ 18 වෙනිදා උදේ 10.00 පමණ මගේ ලොකු දරුවට පාඩම් කියා දෙමින් සිටියා.අනෙක් දරුවන් ද සිටියේ මා අසලයි.මිය ගිය මෙම දරුවා එකවිටම දුවගෙන ඇවිත් ටීවී එක තිබුණු ස්ටෑන්ඩ් එකේ එල්ලුනා.එම ස්ටෑන්ඩ් එක අඩි තුනක් පමණ උස රෝද සවි කළ එකක්.පසුව ටී වී එක දරුවාගේ හිස මතට වැටුණා.එහිදී දරුවාගේ හිස ඉදිමී තුවාල වුණ දරුවා කතා කළේ නැහැ.අනතුරුව දරුවා දරුවාව ජාඇල රෝහලටත්, එතනින් රාගම රෝහලටත්, අවසානයේ ජාතික රෝහලටත් ඇතුළත් කළා.දරුවා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී 2021/3/19 වැනිදා දරුවා මිය ගිය බව දැනුම් දුන්නා.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.ආර්.ඩී එස් .රාජපක්ෂ මහතා විසින් මිය ගිය සිඟිති දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක ම හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි මහත්මිය මෙම සිඟිත්තාගේ මරණය හිස මතට රූපවාහිනි යන්ත්‍රය වැටීමෙන් හිසට ඇති වූ බරපතළ තුවාල හේතු කොට ගෙන සිදු වූ මරණයක් බවට තීන්දු කළා.