අල්ලස් නිලධාරීන් දැකලා රුපියල් දසදහස ප්‍රධාන පොලිස් පරීක්ෂක ගිල දමයි

Police
By Thaya Mar 30, 2021 06:51 PM GMT
Thaya

Thaya

Report

පොලිසිය තුළදීම රුපියල් දසදහසක අල්ලසක් ගැනීමට ගිය වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් නිලධාරීන් අතටම අල්ලා ගැනීමට යාමේ දී මුදල් නෝට්ටු ගිල දැමීම හේතුවෙන් ඊයේ (29) සවස ගම්පහ රෝහළට ඇතුළත් කර තිබෙනවා.

අල්ලස වශයෙන් ලබාගත් රුපියල් පන්දහසේ නෝට්ටු දෙකම එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් නිලධාරීන් ඉදිරිපිටම ගිල දැමූ නිසා අධිකරණයට කරුණු වාර්තා කර පොලිස් නිලධාරියා රෝහල් ගත කර තිබේ.

වාහනයක් සම්බන්ධ ආරවුලක් විසඳීමට රුපියල් දසදහසක අල්ලසක් ඉල්ලා සිටින බවට ලද පැමිණිල්ලක් මත අල්ලස් කොමිසමේ නිලධාරීන් සමග පැමිණිලිකරු රුපියල් දසදහසක් දීමට යාමේ දී මෙම සිද්ධිය වී ඇත.