තහනම නිසා සිර වි තිබූ පොහොර, රසායන තොගයක් වරායෙන් නිදහස් කරයි…
Sri Lanka
Pohora
Colombo port
Aira port
By Aruna
රජය විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙනි වරායේ රඳවා තබා තිබූ ආනයනික පොහොර ඇතුළු වූ රසායනික ද්‍රව්‍ය තොගයක් නිදහස් කරන ලෙස ආනයන අපනයන පාලක වරයා උපදෙස් දී තිබේ.
රේගු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය අප්‍රේල් මාසයේ දී රජය විසින් පනවන ලද තහනම නිසවෙන් රුපියල් කෝටි ගණනක් වටිනා රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් 50කට ආසන්න ප්‍රමාණයක් වරායේ මෙසේ හිරවී තිබූ බවය.
ආනයන අපනයන පාලක වරයාගේ උපදෙස් මත ඉදිරියේදී එම බහාලුම් නිදහස් කරනු ඇති බවත් සඳහන්ය.
කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට බලධාරීන්ගේ පූර්ව අනුමැතිය මත අවසර ලබාදීමට ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පසුගිය 6වනදා ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |