"..දෙන්නම එක වගේ නිසා මගේ හස්බන්ඩ් එයාගේ අයියා එක්ක පැටලෙනවා.." – චතූ රාජපක්ෂ..(PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sewvandhi Apr 06, 2023 09:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නව පරපුරේ ඉන්න ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ. ඉතින් ඇය අහම්බයකින් කලා ක්ශේෂ්ත්‍රයට ආව සුරූපිනියක්. මේ වන විට කලා නිර්මාණ කිහිපයකටම තම දායකත්වය ලබා දුන්නා වගේම පුංචි තිරය පමණක් නෙමෙයි සිනමාව තුළත් දැන් චතූ කැපී පෙනෙන චරිතයක්.

සුරංග ද අල්විස් ගේ සිනමා නිර්මාණයක් වන ‘ද ගේම්’ චිත්‍රපටයට ප්‍රධාන චරිත රංගනයකින් දායකත්වය ලබා දී තිබෙනවා. ඉතින් ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට වැඩ කටයුතු කල චතූ රංගන වෘත්තීය ඉදිරියට කරගෙන යන්න ඇය තීරණය කරනවා ඉතින් මේ විදියට කලා ක්ශේෂ්ත්‍රය තුල මුණ ගැහෙන ඇය මේ වන විට විවාහ වෙලා සතුටින් තම පවුල් ජීවිතය ගත කරන්නේ.

ඉතින් චතූගේ සැමියා තමයි දර්ශන ද කොස්තා කියන්නේ. ඔහුගේ සහෝදරයා තමයි ජනප්‍රිය රංගන ශිල්පිමී නිත්‍යා දේවින්දි විවාහ වෙලා ඉන්න ගීතාංජන ද කොස්තා කියන්නේ. ඉතින් එක වගේම සමාන රුවක් තියෙන මේ අයියයි මල්ලියි ගොඩක් දෙනෙකුට පැටලෙනවා. ඒ පැටලැවිල්ල ගැන චතූ මේ විදියටයි එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ.

” මගේ හස්බන්ඩ් වගේම තවත් එක්කෙනෙක් ඉන්නවා කියලා ගොඩක් අයට පැටලිලා තියෙනවා. මගේ හස්බන්ඩ් දර්ශන ද කොස්තා කියන්නේ. එයාගෙ අයියා තමයි ගීතාංජන ද කොස්තා කියන්නේ. ඉතින් මේ දෙන්නම එක වගේ නිසා සමහරක් අය මට කියනවා ඔයාගෙ හස්බන්ඩ් වෙන ගෑණු ළමයෙක් එක්ක ගියා දැක්කා කියලා. නිත්‍යට එහෙම ප්‍රශ්නයක් වුණේ නෑ. නමුත් මටයි අයියටයිනම් ඒ ප්‍රශ්නෙ ලොකුවට බලපානවා.’’ මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී චතූ රාජපක්ෂ ඇගේ අදහස් දක්වලා තිබුණේ.(උපුටා ගැනීමක්)


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


GalleryGalleryGalleryGalleryGallery
ReeCha