රැකියාවක නිරත වන වයස වෙනස් කරයි. ඔබත් ඒ වෙනස දැනගන්න කැමතිද?..
මෙරට කම්කරු ක්ෂේත්‍රයට අදාළ පනත් හතරක සංශෝධන අද (5) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මෙරට අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු 16 දක්වා වැඩි කිරීමට රජය ගත් තීරණය සමඟ මෙරට පුද්ගලයෙකු රැකියාවකට බඳවා ගැනීමේ වයස ද අවුරුදු 16 දක්වා ඉහල දැමීම මෙම පනත් සංශෝධනයේ අරමුණ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.+
ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා අනුමැතියට යටත් කළ ලෝක කම්කරු සංවිධානයේ ළමා ශ්‍රමය පිටුදැකීම සඳහා වන ප්‍රඥප්තීන්ට අනුකූලව යමින් මෙම පනත් සංශෝධන ගෙන එනු ලබන බව අමාත්‍යවරයා පවසයි .ඒ අනුව1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත, 1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත, 1956 අංක 47 ස්ත්‍රීන්,තරුණයින් හා ළමයින් සේවයේ යෙදවීමේ පනත සහ 1927 අංක 27 අවම වේතන වැටුප් ඉංදියානු කම්කරු(සංශෝධන) පනත යන පනත් හතර අනිවාර්ය අධ්‍යාපන
වයසට සමගාමීව සංශෝධන කෙරේ.මෙම පනත් සංශෝධනයෙන් පසුව වයස අවුරුදු 16 අඩු කිසිම අයෙකු කිසිදු රැකියාවක නියුතු කරවීම නීති විරෝධි වනු ඇත.
