නිරෝධායන පනත ලිහිල් කරන්න සුදානමක්

isolated hemantha herath travel restriction quarantine act
By Sewvandhi Jul 12, 2021 01:15 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන පනත වෙනස් කරන ලෙස ඉල්ලීම් රැසක් සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇති බව දිනපතා පුවත්පතක් අද (12) වාර්තා කර තිබෙනවා.

එම පුවත්පතට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර ඇත්තේ ඉල්ලීම් 500ක් පමණ මේවන විට ලැබී ඇති බවයි.

මේවන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ 1897 වසරේ සකසන ලද නිරෝධායන පනතක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වරින් වර එයට සංශෝධන ඇතුළත් කර ඇතත් මුලික පනත වෙනස් කිරීමට ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට අනුකූල විය යුතුයි.

නිරෝධායන පනත වෙනස් කරන ලෙස ලැබුණු ඉල්ලීම් පිළිබඳව පුළුල්ව අධ්‍යයනයක් කරන බව ද වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර තිබෙනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha