චමල් යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි

Mnisters
By Thaya Feb 18, 2021 07:52 PM GMT
Thaya

Thaya

Report

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දීය. මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් යටතට පත්කිරීමත් සමග නව දිවුරුම් දීම සිදුකෙරිණ.