මරා දැමු අයගේ ඇටකටු කෝ ? ලක් රජයෙන් අභියෝගයක්

Government
By Thaya Mar 13, 2021 07:04 PM GMT
Thaya

Thaya

Report

මරා දැමූ බව කියන ද්‍රවිඩ ජාතිකයන්ගේ සිරුර හෝ ඇට කැබලි පෙන්නුම් කරන ලෙස ශ්‍රී ලංකා රජය ඊයේ 12 දා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේට අභියෝග කරනු ලැබුවා. මේ නිසා යුද අපරාධ චෝදනා එල්ල කෙරෙන නව බි‍්‍රතාන්‍ය යෝජනාව හමුවේ රජය යටත් නොවන බව මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත තවදුරටත් දන්වා තිබෙනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් ඉදිරිපත් කළ නිර්දේශ 400ක් ඉටුකරන ලෙස බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම රජය විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බව සඳහන්. ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති නව ජිනීවා යෝජනාව සඳහා ඡුන්ද විමසීම මාර්තු 22 දා පැවැත්වෙනවා. මේ සංශෝධන යෝජනාවද රජය ප‍්‍රතික්ෂේප කළා.