ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා පැය 3ක් වැස්සේ තෙමෙන්න හරියි..

Police Media SLBC chairman Keheliya rabukwella Kadugannawa
By Aruna Jun 08, 2021 08:18 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා රාජකාරි අවශ්‍යතාවයක් සඳහා පෙරේදා දින එනම් 2021 ජුනි මස 6 වන දින කොළඹ සිට මහනුවර බලා ගමන් කරන අවස්ථාවේදී කඩුගන්නාව පොලිස් මාර්ග බාදක යෙදී පැවති අධික වර්ෂාව මධ්‍යයේ ඔහු රඳවාගෙන පැය තුනක් තිස්සේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදා හැර ඇත.

මේ සම්බන්ධයෙන් අප විසින් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජයම්පති හීන්කෙන්ද මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පසුගිය දින කුණ්ඩසාලය පොලිසිය මගින් සංවිධානය කර තිබූ රතන සූත්‍ර ධර්ම දේශනාවක් සඳහා සහභාගි වීමට කොළඹ සිට කුණ්ඩසාලය බලා යමින් සිටියදී කඩුගන්නාව පොලිස් මාර්ග බාධකයේ රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හට, තමා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සභාපතිවරයා බව පැවසූ පසු රජයේ නිල රථයෙන් බහින ලෙසත් හැදුනුම්පත්, මාධ්‍ය හැඳුනුම්පත් පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා සැල කිරිමෙන් අනතුරුව සභාපතිවරයා විසින් අදාල හැඳුනුම්පත් ඉදිරිපත් කොට තමා බස්නායක නිලමේ වරයෙකු වශයෙන්ද කටයුතු කරන බවද පවසා බස්නායක නිලමේ හැඳුනුම්පත ද ඔහුට පෙන්වා ඇති අතර, එහිදී එහෙනම් තමුන් කෙහෙළිය රඹුක්වැල්ලගේ මිනිහෙක් යැයි පැවසූ පොලිස් පරීක්ෂකවරයා විසින් හීන්කෙන්ද මහතා ට ‘ඔන්න ඔහෙට වෙලා තෙමි තෙමී ඉන්නවා’ යනුවෙන් ප්‍රකාශ කර පැය තුනකට ආසන්න කාලයක් වාහනයෙන් බස්සවා ගෙන පැවැති දැඩි වර්ෂාව මධ්‍යයේ තෙමෙන්නට සලස්වා ඇත.

මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නිලධාරියාට විරුද්ධව පරීක්ෂණ කටයුතු පැවැත්වෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now