තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමිකළ මාරක රිය අනතුරේ CCTV දර්ශන

Police
By Thaya Apr 02, 2021 08:23 PM GMT
Report

අද (02) අලුයම පන්නිපිටිය - බොරැල්ල මාර්ගයේ පොල්වත්ත හන්දියේදී මෝටර් රථයක යතුරුපැදි දෙකක් ගැටීමෙන් තරුණයින් දෙදෙනෙක් මරුමුවට පත්විණි. තලවතුගොඩ සිට පැමිණි මෝටර් රථයක් පොල්වත්ත මාර්ගයට දෙසට හැරවීමට උත්සහ කිරීමේදී පන්නිපිටිය දෙස සිට අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් මෝටර් රථයේ ඉදිරිපස ගැටෙන අතර ඒ සමග පැමිණි තවත් යතුරුපැදියක් මෝටර් රථයේ බඳේ ගැටෙයි. අදාළ අනතුරින් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ යටියන්තොට, මලල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කසුන් බණ්ඩාර සහ මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රබෝධ මදුෂාන් නැමති 25 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි. කෙසේවෙතත් එක් යතුරුපැදියක් පැදවු පුද්ගලයා මේ වන විට පළාගොස් ඇතැයි වාර්තා වේ. එම අනතුරේ CCTV දර්ශන පහතින් දැක්වේ