මන්ත්‍රී හකීම් ගේ ආශ්‍රිතයින් සොයන්න පාර්ලිමේන්තුවේ CCTV පරික්ෂා කරයි.

parliment Hakeem
By Thaya Jan 12, 2021 07:29 PM GMT
Thaya

Thaya

Report

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය ජනවාරි මස 05 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූ දිනයේදී සභාවට පැමිණ තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

හකීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණි පසුගිය ජනවාරි 05 වෙනිදා ඔහු සභා ගර්භයේ ද රැඳී සිට ඇති බවත් මේ වන විට ඔහුගේ සමීප ආශ්‍රිතයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පිහිටි CCTV ආරක්‍ෂිත කැමරා උපයෝගී කර ගනිමින් සොයමින් සිටින බවයි වාර්තා වන්නේ.

රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමීපව ඇසුරු කළ සෙසු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු සේවකයින් වේ නම් ඔවුන්ව නිරෝධායනයට යොමු කිරීමට සහ අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියා මාර්ග ගැනීම ඉන් අදහස් කරන බවයි පාර්ලිමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ.

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වුයේ පසුගිය ජනවාරි මස 05 වෙනිදායි.