කාදිනල් හිමි සහ කතෝලික මන්ත්‍රී හමුව කල් යයි
Cardinal
By Thaya
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමග ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන කතෝලික මැති ඇමතිවරුන් පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා. ලබන මස 02 වනදායි එය පැවැත්වීමට නියමිත වූයේ. පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ විමර්ශනය කල ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරිමයි එම හමුවේ මුලික අරමුණ වූයේ. සාකච්ඡාව පැවැත්වෙන නව දිනයක් මේ දක්වා අගරදගුරු නිල නිවසින් දැනුම් දී නැතැයි නිව්ස් රේඩියෝ කල විමසීමකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කලා.