මාර්ගයෙන් ඉවතට පැන්න කාරය ගසක ගැටෙයි..කතක් මරුට

Accident
By Thaya Apr 05, 2021 07:29 PM GMT
Thaya

Thaya

Report

වැල්ලවාය තණමල්විල මාර්ගයේ තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් කිවුල් ආර ප්‍රදේශයේ දී ඊයේ (4) පස්වරුවේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් කුඩා දරුවෙකු ඇතුළු හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කතරගම ප්‍රදේශයේ වන්දනා ගමනක් ගොස් යලි නිවෙස් බලා ගමන් කරමින්, ගම්පහ කිරිදිවැල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා. මෝටර් රථය රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් එක් කාන්තාවක් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කිරිදිවැල ප්‍රදේශයේ පදිංචි හතලිස් එක් හැවිරිදි කාන්තාවක් වන අතර අනතුරින් කුඩා දරුවෙකු ඇතුළු තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. තුවාල ලැබූවන් තණමල්විල රෝහලට ඇතුළුත් කිරිමේන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා ඇති අතර අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.