දකුණෙන් පැහැරගත් කාර් රථයක් උතුරේ කැලෑවක…

Car thief randenigala
By Sewvandhi Apr 16, 2021 03:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රන්දෙනිගල ප්‍රදේශයෙන් පැහැර ගැණුනු මෝටර් රථයක් කිලිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයක දමාගොස් තිබියදී (15) සොයාගත් බවට පලෙයි පොලීසිය පවසයි. කොළඹ ප්‍රදේශයේ කුලී පදනම මත කාර් රථ ලබාදෙන අයතනයකින් ප්‍රවාහන පහසුකම් අවශ්‍ය බවට පවසා ඊයේ (14) දිනයේදී අදාළ මෝටර් රථය ගෙන්වාගෙන රන්දෙනිගල ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් කාර්ථාය රැගෙන ආ රියදුරුට පහරදී රථය පැහැරගෙන ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. අදාල මෝටර් රථය කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් එකක් වන අතර මෝටර් රථය පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සැකසහිත කාර්රථයක් කැලෑබද ප්‍රදේශයක නවතා ඇති බවට පලෙයි පොලීසියට ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් විසින් අදාල ස්ථානයට ගොස් පරික්ෂණ ඇරඹීය. අදාල පැහැරගැනීමෙන් පසුව කාර් රථය උතුරු ප්‍රදේශයට රැනෙ යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම කිසියම් නීතිවිරෝධී කටයුත්තක් වෙනුවෙන් මෙම කාර් රථය යොදා මෙලෙස අතහැර දමා ගොස් ඇති බවටපොලීසිය සැක පල කර සිටියි. කාර්රථය පැහැරගැනීම සිදුකල සැකකරුවන් දෙදෙනා මෙතෙක් සොයාගෙන නොමැති අතරම ඔවුන් සොයා මේ වන විටත් පරික්ෂණයක් අරඹා ඇතැයිද පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.