රිය අනතුරක් නිසා හග්ගල උද්‍යානය අසල උණුසුම් තත්වයක්(PHOTOS)

ACCDENT WELIMADA PICKET CAR MOTORBIKE
By Sewvandhi Apr 19, 2021 01:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නුවර එළිය, හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේ දී අද (19) දහවල් සිදුවු රිය අනතුරකින් පදිකයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා නුවර එළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ. නුවර එළියේ සිට වැලිමඩ දක්වා ගමන් කරමින් තිබු මෝටර් රථයක් එම පදිකයින්ගේ ගැටී අනතුර සිදුව ඇති බවය.

අනතුර සිදුවීමෙන් පසු මෝටර් රථයේ රියදුරු පළා ගොස් ඇති බව පොලීසිය පැවසීය. කෙසේවෙතත් හග්ගල ලොකු වංගුව ප්‍රදේශය අනතුරු බහුලව සිදුවන ස්ථානයක් බව පවසමින් ප්‍රදේශවාසීන් අද දහවල් උද්ඝෝෂණයක නිරතවු බව ද අප වාර්තාකරු කියා සිටියේය.

උද්ඝෝෂකයින් පවසා සිටියේ, එම ස්ථානයෙන් ගමන් ගන්නා රථවාහනවල වේගය පාලනය කිරීම සඳහා මාර්ග බාධක යොදන ලෙසය. පැයකට ආසන්න කාලයක් පුරා මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය පැවති අතර, අනතුරුව පිරිස විසිර ගියේය. නුවර එළිය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

පසුගිය අප්‍රේල් 1 වන දා හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මතට ලොරි රථක් පෙරළී සිදුවු රිය අනතුරින් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්විය. මීට පෙර ද එම ස්ථානයේ අනතුරු කිහිපයක් සිදුව ඇති බවත් වංගුව පිළිබඳ පෙර දැනුවත් කිරීමේ පුවරුවක් හෝ ආරක්ෂිත වැටක් එම ස්ථානයේ නොමැති වීමෙන් අනතුරු බහුල වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

රිය අනතුරක් නිසා හග්ගල උද්‍යානය අසල උණුසුම් තත්වයක්(PHOTOS) | Car Accident Haggala Park