කැනඩා මහ කොමසාරිස්ගෙන් රජයට චෝදනාවක්... - මා ගැන ඔත්තු බලනවාද..?

Government
By Thaya Mar 08, 2021 05:42 PM GMT
Report

ශ්‍රී ලංකා රජය තමන් සම්බන්ධයෙන් ඔත්තු බලන්නේදැයි කොළඹ සිටින කැනඩා මහ කොමසාරිස්වරයා ප්‍රශ්න කරයි.

තම ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබන මහ කොමසාරිස් ඩේවඩ් මැකිනන් ප‍්‍රශ්න කරන්නේ තමන් නිල නිවසට මාධ්‍ය කැඳවා නොමැති අවස්ථාවක පැවති පෞද්ගලික රැස්වීම මාධ්‍යවල පළ වන්නේ කෙසේද යන්නයි.

සිති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පළවූ වාර්තාවක් පදනම් කරගනිමින් ඔහු මෙම විමසීම කර ඇත.

බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා කැනඩා තානාපති නිල නිවසේදී හමුවීම ගැන එම පුවත්පත් වාර්තා කර තිබිණි.