උත්තර පත්‍ර පරික්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවයි.

Education
By Thaya Jan 26, 2021 06:10 PM GMT
Thaya

Thaya

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම් පත්‍ර කැඳවීම ආරම්භකර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඊට අදාළ අයදුම් පත්‍ර සම්පූර්ණ කළ හැකි බවයි.

අයදුම් පත්‍ර සම්පුර්ණකර අනතුරුව එහි මුද්‍රිත පිටපත විදුහල්පතිවරයාගේ නිර්දේශය සමග පෙබරවාරි 03වන දිනට පෙර විභාග දෙපාර්තමේන්තුවට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුවේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 0112 78 56 33, 0112 78 56 62 හෝ 0112 78 52 16 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


ReeCha