නානුඔය සිට නුවරඑළියට කේබල් කාර්!
නානුඔය දුම්රිය ස්ථානයේ සිට නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා කුළුණු 23කින් සමන්විත නැවතුම්පොළ තුනකින් යුත් කේබල් කාර් ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. නුවරඑළිය නගරය තුළ විශේෂයෙන් ග්‍රෙගරි වැව අවට ප්‍රදේශයේ සංචාරක කටයුතු ඉහළ නැංවීම සඳහා විවිධ උපාය මාර්ගික හා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ගොඩනැංවීම, හිමිකාරිත්වය මෙහෙයවීම සහ පැවරීම මත පෞද්ගලික ආයෝජකයෙකු හරහා මෙය ක්‍රියාත්මක කෙරේ. එහි ඍජු විදේශීය ආයෝජනය ඩොලර් මිලියන 55කි. ස්විට්සර්ලන්තයේ Outdoor Engineers AG Invesment Company ආයතනය මූල්‍ය පහසුකම් සලසන මෙය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියකි.
මෙම කේබල් කාර් ව්‍යාපෘතියේ දුර කි.මී. 3.75කි. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති මෙම කේබල් කාර් ව්‍යාපෘතිය පරිසරයට අවම බලපෑමක් සහිතව ක්‍රියාත්මක කෙරෙන තිරසර ප්‍රවාහන පහසුකමක් වන අතර එමගින් පරිසරයට කාබන් මුදාහැරීම සැලකිය යුතු ලෙස අඩුවන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග කියයි. වසර 30ක කාලයකින් පසු මෙය ශ්‍රී ලංකා රජය සතු වන බව ද ඇමැතිවරයා පවසයි