ඇඳිරි නීතිය තවත් දීර්ඝ කරනවා? කොරෝන සුළුපටු රෝගයක් නොවේ - කැබිනට් ප්‍රකාශකගෙන් ඉඟියක්

corona virus Covid 19 Lockdown Ramesh pathirana
By Sithumi Aug 29, 2021 11:10 AM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා වෛරසය සුළුපටු රෝගයක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි. ආසාදිතයන් වාර්තා වීම අනුව සංචාරණ සීමා තවදුරටත් දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන බවද ඒ මහතා සඳහන් කළේය

නමුත් ඒ දේශපාලන තීන්දුවක් නොව රෝගීන් වාර්තා වීමක් මත සෞඛ්‍ය අංශ විසින් ගනු ලබන තීන්දුවක් බවත් ඔවුන්ගේ තීන්දුව අනුව කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.

කොරෝනා වෛරසය බැරෑරුම් ලෙස මුළු ලෝකයම පිළිගන්නා බවත් අපේ ජීවිත කාලයේ දී මුහුණ දෙන ප්‍රබලම සෞඛ්‍ය තර්ජනය මෙය බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.රටපුරා එන්නත්කරණය වේගයෙන් සිදු වුවද මාත‍්‍රා දෙකම ලබා ගත් ගත්තද හොඳින් සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බලපිටිය මූලික රෝහලේ දී මාධ්‍ය අමතමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha