රාජ්‍ය සේවයට එන්න ඉන්න අයට සුබ ආරංචියක්
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙම කමිටුවේ අරමුණු ලෙසින් කොමිෂන් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන වල මෙන්ම පළාත් සභා වල කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීමත්, සේවා අවශ්‍යතා අනුව කාර්ය මණ්ඩල නැවත ස්ථානගත කොට උපරිම සේවාවක් ලබා ගැනීමටත් අවශ්‍ය පියවර ගැනීමත් ඇතුළත් වේ.
තවද ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන, ඔක්තෝබර් 02 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී කරනු ලැබ ඇති නිර්දේශ පරිදි පහත සඳහන් බඳවාගැනීම් සිදුකිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදී ඇත.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
බඳවා ගැනීම් හා පුරප්පාඩු පිළිබඳ විස්තර පහතින් දැක්වේ.
