මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් අදත් කැඳවයි - රටම කැළඹූ භාණ්ඩාගාර කොල්ලයට විසඳුම්.. අද සවස 2 ට වෙන්න යන දේ
භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් සොයාබැලීමට රජයේ මුදල් පිළිබද කාරක සභාව අද (23) දින නැවත රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඒ එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර රජයේ මුදල් පිළිබද කාරක සභාවට අද(23) දිනයේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාට සහ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ද කැඳවීම් සිදුකර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කළේ,
"මහ බැංකුවත්, මුදල් අමාත්‍යාංශයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක අක්‍රමිකතාව සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය සුමානයකට ඉස්සර දුන්නා. මහ බැංකුව මීට දවස් හතර පහකට ඉස්සර දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා, මේකෙ කොහෙද විෂමතාවය තිබ්බෙ, කොහෙද ප්‍රශ්න තිබ්බෙ කියන එක හෙළිදරව් කිරීමේ රැස්වීම අද 2.00 තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ කාර්ය මණ්ඩලයටත්, මහ බැංකුවේ අධිපති සහ ඒකේ අවශ්‍ය කාර්ය මණ්ඩලයටත් අද පාර්ලිමේන්තුවට එන්න කියලා දැනුවත් කරලා තියෙනවා."