න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය.

Report

න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳව ගිවිසුමට අත්සන් තැබීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

එම යෝජනාව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

2021 දෙසැම්බර් 20 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා අනුමැතිය ලබා දී තිබුණි.

මේ මස නිව්යෝක් හී දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභා රැස්වීමට සමගාමී උත්සවයේ දී එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.